2023 වසරේ 2 වන පාසල් වාරයේ පළමු වන අදියර අද ආරම්භ කෙරෙන අතර, එම පාසල් වාරය අගෝස්තු 17 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පාසල්වලට නිවාඩු ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
2 වන පාසල් වාරයේ 2වන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි.
3 වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පාසල්වලට නිවාඩු ලබා දිමට නියමිතයි .
එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර 2024 වසරේ ජනවාරි පළමු වනදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .
උණුසුම් පුවත්
- අස්වැසුම මුදල් වංචා කළ නිලධාරිනියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
- දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධ වෙන්දේසියට
- ගව සොරකමට තිදෙනෙක් මාට්ටුයි
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති කිරිවෙහෙර රජමහා විහාරාධිපති බැහැදකියි
- දිස්ත්‍රික්ක හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
- චිකුන්ගුන්යා රෝගයේ අඩුවක්
- Child First ව්‍යාපෘතිය ඇරඹේ