2023 වසරේ 2 වන පාසල් වාරයේ පළමු වන අදියර අද ආරම්භ කෙරෙන අතර, එම පාසල් වාරය අගෝස්තු 17 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පාසල්වලට නිවාඩු ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
2 වන පාසල් වාරයේ 2වන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි.
3 වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පාසල්වලට නිවාඩු ලබා දිමට නියමිතයි .
එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර 2024 වසරේ ජනවාරි පළමු වනදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .
උණුසුම් පුවත්
- ජල ගාස්තුව අඩු කිරීමට පියවර
- බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව සොයා ගැනේ
- ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්
- ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය
- රජය වී මිලට ගන්නා මිල ගණන්
- USAID ආධාර වියදම් කළ ආකාරය ගැන නාමල්ගෙන් චෝදනා
- තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට
- සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම්