2023 වසරේ 2 වන පාසල් වාරයේ පළමු වන අදියර අද ආරම්භ කෙරෙන අතර, එම පාසල් වාරය අගෝස්තු 17 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පාසල්වලට නිවාඩු ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
2 වන පාසල් වාරයේ 2වන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි.
3 වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පාසල්වලට නිවාඩු ලබා දිමට නියමිතයි .
එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර 2024 වසරේ ජනවාරි පළමු වනදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














