දූෂණය මැඩපැවැත්වීම සඳහා පූර්ණ ඩිජිටල්කරණයක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අර්බුදවලින් පීඩාවට පත්වු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීම ද අත්‍යවශ්‍ය බවයි ඒ මහතා පවසන්නේ.
වරලත් මිනින්දෝරුවරුන්ගේ රාජකීය ආයතනයේ දැක්ම හා ඉදිරි වැඩපිළිවෙල පිළිබද වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු දේශපාලනඥයන්, විද්වතුන්, ක්ෂේත්‍රයේ පිරිස්වල සහභාගීවයෙන් පැවැත්වුණා.
ස්මාර්ට් නාගරික සැලසුම්කරණය, ඉදිකිරීම් අංශය පුනර්ජීවනය, හරිත රාජ්‍ය ප්‍රසම්පාදනය ආදිය පිළිබදව ද විපක්ෂ නායකවරයා මෙහිදි අදහස් දැක්වුවා.
ප්‍රතිපත්ති හා වචන වලට වඩා වැදගත්වන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය බවයි ඒ මහතා පැවසුවේ.
සිමිත රාජ්‍යයේ මූලික අවකාශය පිළිගනිමින් නාගරික ඉඩම් ප්‍රතිසංස්කරණ සහ ආයෝජන පහසුකම් සැපයීම වැනි සැපයුම් පාර්ශවික විසදුම් ද ක්‍රියාත්මක කළ යුතු බවයි ඒ මහතා යෝජනා කළේ.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සාධාරණ ප්‍රතිපත්ති සදහා පෙනී සිටින බව ද විපක්ෂ නායකවරයා සාකච්ඡාවේ දී අවධාරණය කළා.
උණුසුම් පුවත්
- ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
- ඩොලර්යේ ගැණුම් පහළට
- “විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බව පැවසු අනුර දැන් නොකතා” – නිරෝෂන් පාදුක්ක
- කෝටියක හෙරොයින් සමග ‘වලස් කොටා’ මාට්ටු
- ‘රෝහිතගේ රොකට්ටුවට ආණ්ඩුවේ මුදල් වැය කරලා නැහැ’- හරිනි පාර්ලිමේන්තුවේදී කියයි
- හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වන ලකුණු
- ‘යාලේ දඩබ්බරයාට’ ප්‍රතිකාර යළි අරඹයි
- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්තට ඇප