දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේදී බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.
දිවුලපිටිය සිට මීගමුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ කාර් රථයක් දූනගහ මංසන්ධියේ දී යතුරු පැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අද දවල් 01.00 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
කාර් රථයේ රියදුරු මරදගහමුල ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකර පලා යමින් සිටියදී දී දූනගහ ප්‍රදේශයේ දී දෙවැනි රිය අනතුර සිදුව තිබෙන බවද පොලිසිය පවසනවා.
රිය අනතුරෙන් පසු දූනගහ ප්‍රදේශවාසීන් පැමිණ යතුරුපැදිකරු දිවුලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පසුව තුවාලකරු ගම්පහ මූලික රෝහට යවා ඇති බවයි දිවුලපිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශය පවසන්නේ.
සැකකාර කාර් රථයේ රියදුරු දිවුලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරනවා.