ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙන්.
මේ වන විට ආසියානු කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර තිබෙනවා.
එමෙන්ම ආබාධයට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවද වාර්තා වනවා.