මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.
වසර පහෙන් පහට ශේණිය උසස්වීම් ලබාදීම ප්‍රමාද වීම හා නව බඳවා ගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර්ජනයකට ඊයේ රාත්‍රියේ එළඹුණා.
මේ හේතුවෙන් දුම්රිය මගීන් පත්වුයේ දැඩි අසීරුතාවකට බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම නිවේදනයේ දක්වා තිබුණා.
අමාත්‍යාංශය මෙම වසර ආරම්භයේදීම දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් 106 දෙනෙකු බඳවා ගැනීම ද ඊට ඇතුලත්.
මාස කිහිපයකට පෙර මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණ ද දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වන තෙක් නව බඳවා ගැනීම් කිසිවක් සිදුකිරීමට නොහැකි වී ඇති බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.
එමෙන්ම වසර පහෙන් පහට උසස් වීම් ලබාදීම ඇතුලු කරුණු ගණනාවකට ආයතන අධ්යක්ෂ ජනරාල්වරයා නිර්දේශ නිකුත් කර ඇති බවද සදහන්.
එලබන සතියේ දී ඒවා නියමිත පරිදි රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කර ඇති බවයි දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ දී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත්තේ.
මේ අයුරින් ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබිය දී දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම පසෙකදමා ජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබද දැඩි අප්‍රසාදය පළ කරන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.