හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව ලබන 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.
අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි එම නියෝගය නිකුත් කළේ.
දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඔහුගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙන්ම මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතීඥ ගසාලී හුසේන් යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
උණුසුම් පුවත්
- ලංගම සුපිරි ගේමකට අතගසයි…
- ඇමැති වසන්තට දැවැන්ත චෝදනාවක්
- නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
- හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයෙන් ලැබුණු නියෝගය
- නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට පත්වූ සභාපති නිලවශයෙන් වැඩභාර ගනී
- PHOTOS: ඉන්දීය ධීවරයින් 08 ක් සමග යාත්‍රාවක් අත්අඩංගුවට
- ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්න
- දැන් එළැඹ තියෙන්නේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට හොඳම කාලයයි