දුම්පානය සම්බන්ධයෙන් ප්‍රංශය කලක සිට ක්‍රියාත්මක කර තිබෙන නීති තවදුරටත් දැඩිකර තිබෙනවා.
උද්‍යාන, වෙරළ සහ පාසල් අසල ඇතුළු ස්ථාන කිහිපයක දුම්පානය තහනම් කිරීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.
මෙම නීති මාලාව ජූලි 1 වනදා සිට බලාත්මකයි.
ඒ අනුව එතැන් සිට ප්‍රංශයේ සියලුම උද්‍යාන සහ ක්‍රීඩා භූමි, වෙරළ තීරයන් සහ බස් නැවතුම්පොළවල, සියලුම පාසල් අවට, දරුවන් ප්‍රසිද්ධියේ එක්රැස්වන සැම තැනක දුම්පානය තහනම් කර තිබෙනවා.