විසඳුම් ලබාදී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත්කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු විසින් අසාධාරණ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ එක්දින සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා සිටියා.
වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම හා නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සදහන්.