කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එසේම යළි දැනුම්දෙනතුරු පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් මහනුවර සිට මාතලේ දක්වාත් පාර්සල් ප්‍රවාහන කටයුතු සිදු කිරීමද තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ අද(27) දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර හයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.
ඒ අනුව දුර ගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන්වාර හයක් මෙලෙස අවලංගු කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නැගෙනහිර මාර්ගයේ ගංගා හා ජලාශවල ගංවතුර තත්ත්වයක් මතුව තිබීමත් දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසාත් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව යළි දැනුම් දෙනතුරු පහත දැක්වෙන දුම්රිය ගමන්වාර හය අවලංගු කර තිබෙනවා.
පෙරවරු හයට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධවානය වන දුම්රිය, පස්වරු 3.15ට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වන දුම්රිය සහ රාත්‍රී 11ට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී නගරාන්තර දුම්රිය මෙලෙස අවලංගු කළ තිබෙනවා.
එසේම අලුයම 1.30ට මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත නගරාන්තර සීග්‍රගාමී දුම්රියත් 6.10ට පමන මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රියත් අවලංගු කර තිබෙනවා.
එසේම රාත්‍රී 7.40ට පමණ මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියත් රාත්‍රී 7.30ට ත්‍රීකුණාමලයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රියත් අවලංගු කර තිබෙනවා.













