එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට වෙන් කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් 3,668,000ක ආදායමක් උපයාගත් බවහැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පවසනවා.
හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසල ව්‍යාපාර කටයුතු කිරීම සඳහා ඉඩම් කැබලි වෙන් කර ඒස ඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් කක්සේරු වාර්තාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳ වූ බවත් එසේ කැඳවූ ටෙන්ඩර්පත් නගර සභාවේ ලේකම් ශ්‍යාමලී රූපසිංහ මහත්මිය සහ මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්‍ෂණය යටතේ විවාත කළ බවත්, එහිදී මෙම ආදායම් උපයා ගැනීමට හැකි වූ බවත් සභාපතිවරයා පවසනවා.
එළැඹෙන දීපාවලී උත්සව සමයේ පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට අවසර ලබා නොදෙන බවත් නගර සභාව විසින් වෙන් කර ඇති කොටසේ පමණක් ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු බවත් සභාපතිවරයා කියා සිටියා.
ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට ඉඩම් ලබාගත් අයගෙන් ටෙන්ඩර් මුදලට අමතරව කැලිකසල බද්ද සහ ව්‍යාපාරික බද්ද අය කර ඇති අතර නගර සභාව විසින් ලබාදෙන නිර්නායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු වනවා.
මීට ප්‍රථම සිටි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු පාලකයින් හැටන්නගරයේ විනිවිදභාවයකින් තොරව අවිධිමත් ලෙස වෙන්දේසියකින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදීම නිසා එම වෙන්දේසිවලින් ඉඩම් කැබලි ලබාගත් අය නගර සභාවට වඩා අධික ආදායමක් එමඉඩම් කැබලි ලබාගත් අය විසින් උපයාගත් බවයි හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් පවසන්නේ.