දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවිමේ නිවේදනය තවදුරටත් අද(21) පස්වරු 4 සිට හෙට(22) පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ග කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පවසන්නේ.
මෙලෙස තවදුරටත් රතු නිවේදන නිකුත් කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්නඳ, වලපනේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය බල ප්‍රදේශ සඳහායි.
එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර්, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය බලප්‍රදේශවලටද අදාළ නිවේදනය බලාත්මක වනවා.
එසේම බදුල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි පළමු මට්ටමේ සහ දෙවන මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්ද දීර්ඝ කර තිබෙනවා.













