
දිවයිනේ දිස්ත්‍රික්ක සහ පළාත් කිහිපයකට විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත් වලට බලපෑම් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට ද විටින් විට තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.














