Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිවි හානි කර ගත් බවට සැක කරන වෛද්‍යවරයකුගේ මළ සිරුරක් වෛද්‍ය නිළ නිවසක් තුළ තිබී හමුවෙයි

    දිවි හානි කර ගත් බවට සැක කරන වෛද්‍යවරයකුගේ මළ සිරුරක් වෛද්‍ය නිළ නිවසක් තුළ තිබී හමුවෙයි

    2023-06-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.133 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත  කර ගැනීමෙන් සිය දිවි හානි කර ගත් බවට සැක කරන වෛද්‍යවරයකුගේ මළ සිරුරක් තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවසක් තුළ තිබී අද (13) පෙරවරුවේ තඹුත්තේගම පොලීසිය විසින් සොයා ගෙන ඇත.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ සේවයේ නියතු කෝට්ටුපිටියගේ අමිල සඳකැලුම් දිසානායක නම් වයස අවුරුදු 35 ක් වන එක් දරු පියෙකි.

    මෙම වෛද්‍යවරයා මෙම නිළ නිවස තුළ තනිව ජීවත් වූ බවත්,  නිළ නිවසේ නිදන කාමරයේ ඇඳ මත මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී  අද (13) සොයා ගෙන තිබුුණ අතර ඔහු නාරම්මල, ප්‍රයිම් ලෑන්ඩ් හි අංක 52 නිවසේ ස්ථීර පදිංචිව සිට ඇති බවද පොලීසිය පවසයි.අදාළ නිළ නිවස රෝහලට යාබදව පිහිටා ඇත.

    මෙම වෛද්‍යවරයා ඖෂධ අධිමාත්‍රාවක් ලබා ගැනීමෙන් පසුගිය සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

    මළ සිරුරේ ඇස්, අත් හා පා ඇඟිලි තුඩු ඉතා කළු පැහැ ගැන්වී තිබූ අතර, වෛද්‍යවරයාගේ මළ සිරුර අසල ක්‍රියාවිරහිත කර තිබූ ඔහුගේ ජංගම දුරකථනය හා පෑනක්ද තිබිණි.ඔහුගේ මේසය මත ඖෂධ වර්ග කීපයක්ද තිබූ අතර, පොලීසිය ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරනු ලැබුුුවා.

    අදාළ වෛද්‍යවරයා පසුගිය සෙනසුරාද දින පෙරවරුවේ රෝහලේ රාජකාරී සිදු කර සවස තමාගේ පෞද්ගලික වෛද්‍ය සායන මධ්‍යස්ථානයේද ප්‍රථිකාර කටයුතු සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසන්නේ.

    ඒ අනුව වෛද්‍යවරයා ඊයේ (12) හා අද (13) දෙදින සේවයට නොපැමිණීම හේතුවෙන් රෝහල් සේවකයකු  වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ  පිහිටි නිදන කාමරයේ මිය ගොස් සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබුණා.

    මියගිය මෙම වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක් ලෙස කුරැණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරැවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටින බවට පොලීසිය පවසයි.මිය ගිය වෛද්‍යවරයා හා බිරිඳ අතර යම් පවුල් ආරවුලක්ද පවතින බවට තොරතුරුද ලැබී ඇතැයි පොලීසිය පවසයි.

    කෙසේ වෙතත් අදාළ වෛද්‍යවරයා ඖෂධයක් එන්නත් කර ගත් බවට හෝඩුවාවක් ශරීරයේ පැල්ලමක් හෝ එන්නත් විදිනයක් එම ස්ථානයේ දක්නට නොලැබුන අතර, යම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කරන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබයි.අදාළ වෛද්‍යවරයා මිය ගොස් දින කීපයක් ගත වූවද එම මළ සිරුර නරක් වූ බවක් දක්නට නැත්තේ ශරීරය තුළ ඖෂධ අධිමාත්‍රාවක් පැවතීම හේතුවෙන් බවට පොලීසිය සැක පළ කරනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂාව සඳහා තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා පැමිණි අතර, දේහය අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට  පොලීසියට නියෝග කරනු ලැබුුුවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

    පෙර පුව​තඅස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට
    ඊළඟ පුව​ත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group