දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති.
උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීර 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.
තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මි 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හම පැ.කි.මි 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළංද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













