දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.
එමෙන්ම දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් වන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදෙනු ලැබුවා.
ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබුනා.
එම අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











