පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නවතම නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව මේ බව සදහන් කළා.
දිට්වා සුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 30 වෙනිදා වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එම පද්ධතිය ඊයේ දින ප.ව. 11:30 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 70ක් වයඹ දෙසින්, අක්ෂාංශ 9.0 සහ දේශාංශ 80.8 ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබූ බවයි..
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසද ජනතාවට දැනුම්දෙනවා..
මේ අතර අද දිනයේ උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බවද එම දෙපාර්තුමේන්තුව පවසනවා.
සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මී. 60-70 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට පැ.කි.මී. 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරනවා.
තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මේ පවතින කාළගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අණාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ













