දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවත් එමගින් එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 5600 බැගින් බැගින් ජලය නිකුත් කෙරන බවත් වාරියපොල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසනවා.
එසේම තබ්බෝව ජලාශයේද වාන් දොරටු හයක් අඩිය බැගින් විවෘත කර ඇති බවත් එමගින්ද තත්පරයට ඝන අඩි 1220 බැගින් මී ඔයට මුදා හරින බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසන්නේ.
මේ අතර ඇදහැලෙන අධික වැසි හේතුවෙන් දිවයිනේ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා තවදුරටත් ඉහළ යමින් පවතින බවයි.
එසේම ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් සහ තවලම ප්‍රදේශයෙන් ඉහළො ගොස් තිබෙනවා.
තලගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලින් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.












