දැදුරුඔය ආශ්රිත ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණයත් සමග දැදුරුඔයේ වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ හේතුවෙන් නිකවැරටිය, හලවත, ආරච්චිකට්ටුව, බිංගිරිය, වාරියපොල සහ කොබෙයිගනේ යන ප්රදේශවල පදිංචිකරුවන්ට ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.