දළදා මාලිගාවට අයත් දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පෙත්සම්කරු කියා සිටින්නේ විහාර හා දේවාල ගම් පනත යටතේ දළදා මාලිගාවට අයත් ප්‍රවේණිගත දේපල පැවරීම, බදුදීම හෝ අන්සතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි
එසේ තිබියදී වත්මන් වැඩබලන නිලමේවරයා ඉකුත් කාලයේ දළදා මාලිගාවට අයත් දේපොළ අවභාවිතාවට ලක්කර තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවද පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව සතු වත්කම් සහ නිශ්චල දේපළ අන්සතු කිරීම, පැවරීම හෝ විකිණිම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව දළදා මාළිගාව සතු වත්කම් හා දේපළ පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










