දහම් පාසල් ගුරුවරුන් සහ දහම් පාසල් සිසු දරුවන්, උපහාරයට ලක් කිරීමේ උලෙළක් රැඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරි සුමනසාර දහම් පාසලේදී පසුගියදා (06) පැවැත්වුණි. ලෝක ගුරු දිනය සහ ළමා දිනය නිමිති කරගනිමින් එම වැඩසටහන් මාලාව රලපනාවේ බුදුරැස් විහාරයේ , සංගිලිකනදරාව සුමනාරාම විහාරය, වව්නියාව දිස්ත්‍රික්ක සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකාධිකාරී ලිදවැව අමරජෝති හිමියන්ගේ විසින් සංවිධානය කර තිබුණි . එහිදී දහම් පාසල් ගුරුවරුන් 14 දෙනෙකු උපහාරට ලක් වු අතර සිසු සිසුවියන් 200 ට ආසන්න පිරිසක් ඇගයීමට ලක් කෙරුණි. මැදවච්චිය, රැඹෑව සහ වව්නියාව ඇතුලු ප්‍රදේශ රැසක අඩු ආදායම්ලාභී පවුල්වල ජීවත්වන දුවා දරුවන් සඳහා විවිධ දානපතියන්ගේ උදව් උපකාර මත විවිධ වැඩසටහන් රැසක් පූජ්‍ය ලිදවැව අමරජෝති හිමියන්ගේ විසින් මේවන විටත් සිදුකරමින් සිටිති. එම අවස්ථාවට මැදවච්චිය පොලිස් ස්තානාධිපති. ඒ. ඒ.කේ.එස් අධිකාරි මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහ දුවා දරුවන් රැසක් සහභාගි වුහ. ඡායා රූප එවා ඇත.
උණුසුම් පුවත්
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ
- අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි













