Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ කැලයට යට වී දිරාපත් වෙයි

    දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ කැලයට යට වී දිරාපත් වෙයි

    - දඹුල්ල කාංචන කුමාර ආරියදාස
    2023-06-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දඹුල්ල  මහියංගනය ප්‍රධාන මාර්ගය ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් කැලයට යට වී දිරාපත්වෙමින් පවතී.  මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාවද දැඩි පීඩනයකට පත්ව සිටින බවයි ප්‍රදේශවාසීීීන් පවසන්නේ.

    මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මීට වසර කිහිපයකට ඉහත දී දඹුල්ල  මහියංගනය ප්‍රධාන  මාර්ගයේ ඉදිකිරීම් කටයුතු  පුද්ගලික කොන්ත්‍රාත් සමාගම් කිහිපයක හා රජයට අයත් රාජ්‍ය සංවර්ධධනහා නිර්මාණ නීතිගත සංස්ථාව භාරදී තිබුුුුුණ අතර කොන්ත්‍රාත් සමාගම් කිහිපයක් කිලෝමීටර් 2  බැගින් කොටස් තුනක  ඉදිකිරීම් අවසන් කොට ඇති නමුත් ඉතිරි කොටස ලබාගත් පෞද්ගලික හා රාජ්‍ය ආයතන එහි වැඩ නිම කිරීම ප්‍රමාද කොට අතරමග නවතා දමා ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නා.

    ඒ අනුව රජයට අයත් රාජ්‍ය සංවර්ධන හා නිර්මාන නීතිගත සංස්ථාවේ යන්ත්‍ර උපකරණ සහ අනෙකුත්  භාණ්ඩ සියල්ල දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ  ස්ථානයක  ගබඩාකොට එහි මුරකරුවෙක් ද, තවත් සේවකයන් කිහිප දෙනෙකු ද යොදවා වසර ගණනාවක් එම අයට වැටුප් ගෙවමින් සංවර්ධන කටයුතු අතරමඟ නවතා දමා තිබෙන අතර මාර්ගයේ ගමන් ගන්නා  මගී බස් හා අනෙකුත් වාහන රියදුරන් කියා සිටියේ  ගමනාන්තයක් යද්දී  කුමක් හෝ අනතුරුකට හෝ කාර්මික දෝෂයකට ලක්වන බවයි.

    ගල්කුඩු සහ දූවිලි විශාල ලෙස පැවතීීම නිසා  යතුරුපැදි සහ අනෙකුත් වාහන වලට ද ගමන් කිරීම්ට නොහැකි වී ඇති අතර මහ වනමැදකින් වැටී ඇති මෙම මාර්ගය  නිසා එම ප්‍රදේශයේ වන සතුන්ට හා පරිසරයට විශාල විනාශයක් සිදුවන බව ප්‍රදේශවාසීහු තවදුරටත් කියා සිටියා.

    ගබඩා අංගනයේ සිටි මුරකරු සඳහන් ක‌‌‌‌‌ළේ මුරකරුවන් දෙදෙනෙකු සේවය කරන බවයි. යන්ත්‍රෝපකරණ සහ අනිකුත් භාණ්ඩ භාරව කටයුතු කරන ගබඩා පාලකවරයා සඳහන් කළේය ව්‍යාපෘතිය  අතරමග නැවතී ඇති නිසා මෙම භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර එක තැනකට දමා ආරක්ෂා කරමින් තිබෙන බවයි. එමෙන්ම රාජ්‍ය සංවර්ධන හා නිර්මාන  නීතිගත සංස්ථාව කුමන අමාත්‍යංශයකට අයත් එකක්ද යන්න ඔහු නොදන්නා බව සඳහන් කිරීම විශේෂත්වයකි.

    එහි සිටි ‍ ව්‍යාපෘති ඉංජිනේරු  එස් .එස්. යටවර මහත්මිය පැවසුවේ මාර්ග  ඉදිකිරීම්  අතර මග නවතා දමා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මුදල් ලබා නොදීම හේතුවෙන් බවයිි.කෙසේ වෙතත් මෙම යන්ත්‍රෝපකරණ සියල්ල ආරක්ෂා කරගෙන සිටින බවත්, ව්‍යාපෘති ඉංජිනේරුවිය ලෙස දිනපතා මෙම ගබඩා සංකීර්ණයට පැමිණ තම සේවාව ලබාදීම සඳහා  සූදානම් වී සිටින බවද ඇය සඳහන්  කළා.

    වසර  ගණනාවක් තිස්සේ ජනතා මුදල් මේ ආකාරයෙන් විනාශ වී අඩුම තරමේ මාර්ගයේ ගමන් කර ගැනීමටවත් නොහැකි තත්වයට පත්ව තිබීම බරපතල ප්‍රශ්නයක් බව ජනතාව පවසන්නේ.

    මෙම ප්‍රධාන මාර්ගයේ   දඹුල්ල සිට බක්මූණ, හෙට්ටිපොල, විල්ගමුව, හඳුන්ගමුව, , මහියංගණය, අම්පාර ,ත්‍රිකුණාමලය, මඩකලපුව,යාපනය, බදුල්ල,කතරගම ආදී දුර ධාවනය වන බස් රථ රැසක් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ගමන් කරන බවත්, වන මැදින් වැටී ඇති මාර්ගයක් නිසා නිරන්තරයෙන් මෙම මාර්ගයේ වන අලින් මාරු වන බව වාහන හිමියෝ පවසා සිටියා.

     

     

     

     

     

    පෙර පුව​තඉන්දන මිල සංශෝධනයක්
    ඊළඟ පුව​ත දකුණු අප්‍රිකානු ” ඒ ” ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group