ඉන්දියාව සහ පකිස්ථානය අතර හටගෙන ඇති යුද උණුසුම දඹදිව වන්දනා කිරීම සදහා බලපෑම් කර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
දෙරට අතර ගැටුම් ඇවිලීම යළි ආරම්භ වුණේ, දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම්හි පසුගිය අඟහරුවාදා සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි.
එම ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා සදහා සිය ගුවන් කලාපය පසුගිය 24 වනදා සිට වසා දමනු ලැබූ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඊයේ පාකිස්ථාන ගුවන්යානා සදහා ඉන්දියාව සිය ගුවන් කලාපය වසා දමනු ලැබුවා.