
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන 6 සිට 11 ශ්‍රේණි දක්වා වූ දෙවන වාර පරීක්ෂණයේ 9 ශ්‍රේණියේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගය හදිසියේම කල් දමා තිබෙනවා. ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල වීම හේතුවෙන් එම පළාතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ . අද පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය යන විෂයයන්හි ප්‍රශ්න පත්‍ර මුද්‍රණාලයේ ප්‍රමාදයක් හේතුවෙන් නියමිත වේලාවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත යොමු කිරීමට නොහැකි තිබෙනවා. ඒ අනුව, එම විෂයයන් දෙකෙහි පරීක්ෂණ ජූලි 24 වැනිදා දක්වා කල් දැමීමට විභාග කාලසටහන සංශෝධනය කළ බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබුනා. කෙසේ වෙතත්, ඊයේ පස්වරු 2.30ට පමණ මෙම නිවේදනය ලැබෙන විටත්
බොහෝ පාසල්වල විභාග කටයුතු නිමවී සිසුන් නිවෙස් බලා ගොස් ඇති බවයිවාර්තා වන්නේ. ඇතැම් ප්‍රශ්න පත්‍ර ප්‍රමාණවත් සංඛ්‍යාවකින් මුද්‍රණය නොවීම, සිතියම් වැනි කොටස් අඩුවෙන් ලැබීම සහ ඇතැම් පාසල්වලට ප්‍රශ්න පත්‍ර නොලැබීම වැනි
බරපතල අඩුපාඩු රැසක් මෙවර විභාගයේ පවතින බවද ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.














