දකුණු කොරියාවට දින ගණනාවක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හට ගත් ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. එහිදී වින්දිතයින් 12 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත්, එරට බලධාරීන් පවසනවා. දකුණු කොරියානු දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, බදාදා වර්ෂාව ආරම්භ වීමෙන් පසු 10,000 කට ආසන්න පිරිසක් තම නිවෙස්වලින් ඉවත් කර ඇති බව සඳහන්. එමෙන්ම තවත් 41,000 කට වැඩි නිවාස සංඛ්‍යාවක තාවකාලිකව විදුලියද ඇණ හිට තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










