
දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද සනිටුහන් කෙරෙනවා. ඒ අනුව දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සැලසුම් කළ මහවැලි මහ සැලැස්මේ ප්‍රධානතම අදියරක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 27.7ක් දිග යෝධ වාරි උමග අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකෙනවා.














