දකුණු අප්‍රිකානු ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකුට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආබාධවලට ලක් වීම හේතුවෙන් අන්රික් නොකියාට හා සිසන්ඩා මාගලාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවයි.
ඔවුන් දෙදෙනා වෙනුවට ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ලිසාද් විලියම්ස් ලෝක කුසලාන සංචිතයට ආදේශ කිරීමට ද එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
නොකියා පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වුණේ ඕස්ටේරලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි.
ඕස්ටේරලියාවට එරෙහි තෙවැනි එක්දින තරගය පමණක් ක්‍රීඩා කළ සිසන්ඩා මාගලාගේ වම් දණහිසෙහි ආබාධයක් සිදුව තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්