තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා .
ඒ අනුව කුඩා තේ වතු සඳහා වගාව නැවත නංවාලීමට සහනාධාර ලෙස පලමු අදියරේ රුපියල් ලක්ෂ 3450 ද එහි දෙවන අදියර සඳහා රුපියල් ලක්ෂ 175 ක්ද වෙන්කර තිබෙනවා.
නැවත වගාව වෙනුවෙන් මේ වසර තුළ හිඟ ගෙවීම් සදහා රුපියල් ලක්ෂ 2230 ක්ද වෙන් කර ඇති බවට සදහන් .
එමෙන්ම අලුත් බිම්වල අලුත් වගාවන් සිදුකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර එම වගාවන් සදහා රුපියල් ලක්ෂ 2742 ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.