ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත් වුණා. එහිදී ලකුණු 286 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලදේශ කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 04 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 186 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට හැකි වුණා. තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා විසින් දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක බංග්ලාදේශ පන්දු යවන්නන් මැනවින් පාලනය කරමින් සිව් වැනි කඩුල්ලට ලකුණු 124 ක සබඳතාවක් පවත්වාගෙන යනු ලැබුවා. චරිත් අසලංක ලකුණු 58 ක් රැස් කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමටද සමත් වුණා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ හය වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 124 ක් රැස් කර ගැනීමද විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුළු 7ක් දැවී ලකුණු 285 ක් රැස් කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
- ගෙදරින් එනකොට කුඩයක් අරගෙන එන්න – කාලගුණ අනාවැකි – VEDIO –
- මුතු ඇටය ලෝකයේ සුන්දරම දිවයින වෙයි
- හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට- 6 කට තුවාල
- රෝහිතගේ දුව භාරවෙයි
- ලුණු කොම්පැණියට මාලිමා ආණ්ඩුව කළගුණ සලකන බවක් පෙනුණා
- තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවක්
- ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් කටුනායකට