හෙම්මාතගම, බලවත්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයක් සිදු කර ඇති බව හෙම්මාතගම පොලිසිය පවසනවා.
වයස අවුරුදු 21ක් වූ දෙවනගල ප්‍රදේශයේ පදිංචි අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝොතනය සිදුකර ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 23ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.