සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩවර්ජනයක නිරත වන බවයි.
ඒ, අතිකාල ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමින්.
මෙම වැඩ වර්ජන ක්‍රියාත්මක වන්නේ අද සිට සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමකදී යි.
මේ අතර තැපැල් සේවකයින් ඊයේ උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත ව ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්
- මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිල්ලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
- මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
- සූරියකන්ද පොලිසියේ කොස්තාපල් පොලිස් ආරක්ෂාව ඉල්ලයි?
- දිට්වා සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ සියලු දෙනාට සෙත්පතා ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කමක්













