තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මීටර් හයයි දශම තුනයි හතක පෞද්ගලික හොඳම දක්ෂතාවක් දක්වමින් එහිදී ඇය ජයග්‍රහණය හිමි කර ගත්තා. තායිලන්තයේ තමාසාට් හී දී ඊයේ දිනයෙන් ආරම්භ වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙනවා. මෙම තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වී සිටිනවා.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇගවීම්
- අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
- යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා අත්අඩංගුවට
- ඉන්දියාවේ භූකම්පනයක්
- අපරාධ මැඩපවත්වන්න සයිබර් අපරාධ ගිවිසුමක්
- අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
- සහල් ආනයනය ගැන නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
- මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිස්ඨ සේවකයින් විරෝධතාවක










