ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ ජනපති අපේක්ෂකයින්ට සහය ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

විවිධ අපේක්ෂකයින්ට සහය ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය අංශය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

එමෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීම සම්බන්ධයෙන් ද මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබුණා.

WhatsApp Group

Skip to content