පෙර පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.
ප්‍රමාණය ඉක්මවා නංවා සිටි පෙර පාසල් සිසුන්ද සමග අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් තුවාල ලැබූ පෙර පාසල් දරුවන් දෙදෙනෙක් ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නෝර්වුඩ් පොලිසියෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ පෙර පාසල් සිසුන් හය දෙනෙක් සහ ගුරුවරියක්ද රැගෙන නෝර්වුඩ් සිට හැටන් දෙසට ධාවනය වෙමින් තිබියදී අනතුර සිදුව ඇති බවයි.
මූලික පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ ත්‍රීරෝද රථයට ඔරොත්තු නොදෙන ලෙස අධික ලෙස මගීන් පටවාගෙන අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතර සම්බන්ධයෙන් රියදුර අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.
සැප්තැම්බර් 15 වන දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් වන ලෙසටද පොලිසිය රියදුරුවරයාට පවසා තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.