රජාතන්ත්රවාදය වෙනුවෙන් තමා උණ්ඩයකට මුහුණ දුන් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
මිචිගන් හි පැවති මැතිවරණ ප්රචාරක රැළිකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ.
රැළිය සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටි අතර ජේ ඩී වෑන්ස් උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා එක්ව සහභාගී වූ පළමු මැතිවරණ ප්රචාරක රැළිය ද මෙයයි.
ප්රජාතන්ත්රවාදය දිනවීමට හා ධවල මන්දිරයේ බලය යළි තමා සතු කර ගැනීමට තමා සූදානම් බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.