Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තද වැසි ගැන අනතුරු ඇඟවීමක් – මිලිමීටර් 100ට තද වැසි

    තද වැසි ගැන අනතුරු ඇඟවීමක් – මිලිමීටර් 100ට තද වැසි

    2023-10-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

    මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි  එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    මේ අතර මාතර නිල්වලා ගඟේ ආරක්ෂක බැමි කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ නිල්වලා ගඟ අවට පහත් බිම්වල ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි.

    ඉදිරි පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ඇදහැලුනහොත් නිල්වලා ගඟේ ආරක්ෂක බැමි කැඩී යා හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

    අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, දියගොඩ, මාලිම්බඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

    මේ අතර නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 9 ක් සදහා නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කරනු ලැබුවා.

    මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සදහා පළමු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇගවීම් මුල්වරට නිකුත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේම සීතාවක ප්‍රදේශයට ද එම නායයෑමේ අනතුරු ඇගවීම බලපැවැත්වෙනු ඇති.

    එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයටත්, ක`ඵතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ සහ පාලින්ද නුවරටත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර අගලවත්ත සහ බුලත්සිංහල යන ප්‍රදේශවලට ද පළමු මට්ටමේ නාය යාමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

    එමෙන්ම ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටත්, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටත්, මහනුවර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටත් නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

    එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද පළමු මට්ටමේ නාය යාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බව සදහන්.

    පෙර පුව​තසිරගතව සිටින නර්ගීස් මොහොම්මදීට නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි
    ඊළඟ පුව​ත මිලියන 122ක කුෂ් සහ අයිස් අල්ලයි

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group