තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි ධීවරයාගේ සිරුර හමු වී තිබෙනවා. හුංගම, කළමැටිය, ධීවර වරායට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බව සඳහන්. තංගල්ල, දංකැටිය, සුසානභුමිය පාරේ පදිංචිව සිටි තිදරු පියෙකු වූ චමින්ද රුවන් නැමැත්තකුගේ සිරුර මෙලෙස හමු වී ඇති බව පොලිසිය සඳහන් කළා. තංගල්ල ධීවර වරායෙන් පසුගිය ජුනි මස විසි හත් වැනිදා රැකියාවට පිටත්ව ගිය මැක්සිම් පුතා ධීවර යාත්‍රාව අනතුරට ලක්වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට වාර්තා වුණා.
උණුසුම් පුවත්
- රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
- පද්මෙගේ රසායනික ද්‍රව්‍ය සඟවන් සිටි පොහොට්ටු පාක්ෂිකයන් අත්අඩංගුවට
- රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන්
- පංචිකාවත්ත වෙඩි තැබීමේ යතුරු පැදිකරු අල්ලයි
- ඉන්ධන බවුසරයක ත්‍රීරෝද රථයක් ගැටෙයි
- සර්ව ජනබලය රට දියුණුව කරා ගෙන යන පක්ෂයක්
- විනෝද ගමන අවසන් ගමන් වෙයි
- වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී