ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේ දී අද (20) මත්ද්‍රව්‍ය සමග සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.
ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයා ගෙන තිබුණා.
අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පාර්සල් 18ක් තිබී හමු වී ඇති අතර, එහි ගිනිඅවි 02ක් සොයා ගැනිමට සමත්ව තිබෙනවා.












