රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යොදවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උදෑසනට හොඳින් කතා කළද සවසට බෝම්බ හෙළනවා යනුවෙන් සඳහන් කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ හේතුවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබා දීම අත්‍යාවශ්‍ය බවද සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබා දෙන්නේ ද? යන්න සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් කිසිඳු ප්‍රකාශ කර නැහැ. කෙසේ වෙතත් නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













