”යුරෝපා සංගමයේ ප්‍රථම රටවල් අතරින් එකක් ලෙස ඩෙන්මාර්කය සමාජ මාධ්‍ය සඳහා වයස් සීමාවන් හඳුන්වා දෙමින් ඉතා වැදගත් පියවරක් තිබෙනවා.
ඒ ඩිජිටල් ලෝකය තුළ ළමයින් සහ තරුණයන් ආරක්ෂා කිරීමේ අරමුනින්.අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ, ”හානිකර අන්තර්ගතයන්ට හෝ හානිකර විශේෂාංගවලට ඔවුන් නිරාවරණය කළ හැකි වේදිකාවලට අවුරුදු 15ට අඩු ළමයින්ට ප්‍රවේශය නොදීම මූලික වශයෙන් අපේක්ෂා කරන බවයි.”
කෙසේ වෙතත්, මෙම තහනමට ව්‍යතිරේක ද ඇති බව අමාත්‍යාංශය සඳහන් කරන අතර, එහිදී, තම දරුවාට කලින් වයසක දී සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය යුතු යැයි දෙමාපියන් විශ්වාස කරන්නේ නම්, ඔවුන්ට අවසර ලබා දිය හැක.
නිවේදනයට අනුව, අවුරුදු 13 වැනි කුඩා දරුවන්ට පවා දෙමාපියන්ගේ සම්පූර්ණ කැමැත්ත මත අදාළ වේදිකා වෙත ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවනු ඇති.
මෙම තීරණය මඟින් බලපාන සමාජ මාධ්‍ය වේදිකා මොනවාද යන්න හෝ මෙම තහනම ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව අමාත්‍යාංශය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට














