වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත වූවන් 41,192 නෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසනවා.
මෙම දක්වා ඩෙංගු ආසාදිතයන් 2176ක් වාර්තා වූ බවත් සැප්තැම්බර් මාසය තුළ දී ආසාදිතයන් 2401ක් වාර්තා වූ බවයි ඇය සදහන් කළේ..
මේ මස 06 වැනිදා සිට 12 වැනිදා දක්වා සතිය තුළදී ආසාදිතයන් 510ක් ද, 13 වැනිදා සිට 19 වැනිදා දක්වා ආසාදිතයන් 655ක් ද වාර්තා වී තිබෙනවා.
මෙම වසරේ ආරම්භයේ සිට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 22ක්.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරණෑගල, කෑගල්ල, රත්නපුරය, මඩකළපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක 11 තුළ ඩෙංගු ආසාදිතයන් වැඩිපුර වාර්තා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














