වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත වූවන් 41,192 නෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසනවා.
මෙම දක්වා ඩෙංගු ආසාදිතයන් 2176ක් වාර්තා වූ බවත් සැප්තැම්බර් මාසය තුළ දී ආසාදිතයන් 2401ක් වාර්තා වූ බවයි ඇය සදහන් කළේ..
මේ මස 06 වැනිදා සිට 12 වැනිදා දක්වා සතිය තුළදී ආසාදිතයන් 510ක් ද, 13 වැනිදා සිට 19 වැනිදා දක්වා ආසාදිතයන් 655ක් ද වාර්තා වී තිබෙනවා.
මෙම වසරේ ආරම්භයේ සිට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 22ක්.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරණෑගල, කෑගල්ල, රත්නපුරය, මඩකළපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක 11 තුළ ඩෙංගු ආසාදිතයන් වැඩිපුර වාර්තා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
- සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි













