දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පැවසුවේ වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.
වර්ෂාපතනය මෙන්ම උෂ්ණත්වය ඉහළ යාම ඩෙංගු වර්ධනය වීමට හේතු වී තිබෙනවා.
2017 වසරෙන් පසු 2023 වර්ෂයේ විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බවට සංඛ්‍යාලේඛන තහවුරු කර ඇති බවයි කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පැවසුවේ.
මේ අතර අද සිට මැයි මස 02 වන දා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.