ගල්කිස්ස පොලිසියේ රාජකාරියේ සිට ටි 56 ගිනි අවියක් සහ ජීව උන්ඩ 30ක් සොරාගෙන පසුව ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කර තිබෙනවා.
මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් කොස්තාපල් 100430 ජේ ඒ කේ පි ජයකොඩි නැමැති ආධුනික පොලිස් කොස්තාපල්වරයා බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
මෙම සැකකාර කොස්තාපල්වරයාට පසුගිය 8 වනිදා සවස 6.00 සිට පසු දින උදෑසන 6.00 දක්වා කහටවිට මාවතේ පාලම අසල මාර්ග බාධක රාජකාරීයේ යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය පැවසුවා.
ඒ අනුව ඔහු එම රාජකාරිය සඳහා අවි ගබඩාවෙන් අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම ජීව උන්ඩ 30 ක් ලබාගෙන පිටවීමේ සටහන් ඇතුළත් නොකර පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනතුරුව සැකකාර කොස්තාපල්වරයා එදින මාර්ග බාධක රාජකාරියට වාර්තා නොකර පැය 04කට පසුව ඩුබායි රාජ්‍ය කරා පලා ගොස් තිබෙන බව හෙළිවී තිබෙනවා.