ඩිජිටල් කාර්ය සාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් පත් කළ බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඩිජිටල්කරණයෙන් අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් සිදුකළ හැකි බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය සඳහා වූ ඩිජිටල් කාර්යසාධක බලකායේ ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළා.
ඩිජිටල් අධ්‍යාපනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ එක් ව ඉදිරියට යන ක්‍රියාවලියක් බවද ඇය එහිදී අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමටකටයුතු සිදු කරන බවයි.
උණුසුම් පුවත්
- රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි
- බස් දෙකක් සහ ලොරියක් ගැටී අයෙක් මරුට – තවත් පිරිසක් රෝහලට
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්













