දේශපාලන ක්‍රියාකරුවෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.
ඒ කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
කෑගල්ල රංවල ප්‍රදේශයේ පවතින රාත්‍රි සමාජ ශාලාවක මෙම සැකකරු සිටින බවට ලද තොරතුරක් මත පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑග්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
එහිදී කෑගල්ල මහේස්ත්‍රාත් ශශිකා මිථුනආරච්චි මහත්මිය විසින් සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දුන්නා.
තවද සියලු සැකකරුවන් එළැඹෙන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













