ශ්‍රී ලංකාවේ සීඝ්රයෙන් සංවර්ධනය වෙමින් පවතින ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාවලිය තුළ නියාමන සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වුණා.
එම සැසිය ආරම්භ කරමින්, ආරක්ෂක ලේකම්වරයා සහභාගිව සිටි සියලුදෙනා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඩ්‍රෝන මෙහෙයුම් සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් යටතේ සක්‍රීය වටපිටාවක් ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළා.
ප්රමුඛ ආරක්ෂක අවශ්‍යතා සහ තාක්ෂණික දියුණුව අතර පවතින තීරණාත්මක සමතුලිතතාවය හඳුනා ගනිමින්, වාණිජ නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ඩ්‍රෝන තාක්ෂණය යොදාගැනීමේ වැදගත්කම ද, ඔහු අවධාරණය කළා.
ඉන්පසු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත ගුවන් යානා ක්‍රියාකාරකම් පාලනය සඳහා පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ නීතිරීති පිළිබඳව විස්තරත්මකව කරුණු ඉදිරිපත් කළා.