අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගිනි අවි සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ (26) අත්අඩංගුවට ගත්තා.
ඒ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීමට ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදීයි.
2001 වසරේ යුද හමුදාව විසින් ඔහුට ලබාදුන් ගිනි අවි අතරින් පිස්තෝලයක්, සංවිධානාත්මක අපරාධකරුවෙකුට ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.













