ඊශ්‍රායලය සහ ඉරානය අතර වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බව ඊශ්‍රායලයේ පිහිටි ජනගහණ හා සංක්‍රමණ අධිකාරිය දැනුම් දී තිබෙනවා. මෙම තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගනු ලැබූ සියලුම රැකියා අපේක්ෂිතයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දෙනවා. එමෙන්ම, මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිට නැවත ඊශ්‍රායලය වෙත රැකියාව සඳහා යාමට අපේක්ෂාවෙන් මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ටද මෙය අදාල වන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 39 (1) (ආ) වගන්තිය ප්‍රකාරව, ඊශ්‍රායල් රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය එම කාර්යාංශය විසින් නැවත දැනුම් දෙනතුරු සිදු නොකරනු ලබන අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීම එරට ජනගහණ හා සංක්‍රමණ අධිකාරියේ දැනුම් දීම මත ඉදිරියේදී සිදු කරන බවද එම අමාතයාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා. මේ අතර උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වෙනස් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි. මැදපෙරදිග මතුව ඇති යුධමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි. තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන්නන් වන අතර තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
උණුසුම් පුවත්
- වත්තට යන පාර අවුරුදු ගානකින් හදලා නෑ
- හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
- ප්‍රේමලාල් ජයසේකරට එරෙහි පෙත්සමක් විභාගයට අවසර
- ඉන්ධන මිල සංශෝධනයට අද වුණ දේ
- භූ කම්නයෙන් පසු රුසියාවේ ප්රබලතම ගිනි කන්දක් සක්‍රීය වෙයි
- අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය නිදහස් කරයි
- අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනස් වීමක් නැහැ
- ඊජිප්තු අරාබි ජනරජයේ කසර් මිසර් පුස්තකාලය වෙත පොත් පරිත්‍යාග කරයි