Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටෙලි නිළියකගේ පතලකින් නිල් මැණිකක් වංචා කළ ව්‍යාජ SSP අත්අඩංගුවට

    ටෙලි නිළියකගේ පතලකින් නිල් මැණිකක් වංචා කළ ව්‍යාජ SSP අත්අඩංගුවට

    කාංචන කුමාර ආරියදාස - දඹුල්ල
    2022-11-23කියවීමට මිනිත්තු 3ක් ගතවේ.174 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට දිවයිනේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරි පෙරේරා යන අයගේ නියෝජිතයෙකු 22 දින රාත්‍රී සැකපිට ලග්ගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙලි නාට්‍ය කිහිපයක පොලිස් චරිත සඳහා පෙනී සිටින මිනුවන්ගැටේ වාරියපොල ප්‍රදේශයේ පදිංචි එම්.ඩී.එම්. ගුණරත්න බණ්ඩාර නමැති සහය ටෙලි නාට්‍ය නළුවෙකු බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා පවසනවා.

    මෙම පුද්ගලයා සතුව තිබූ පතලකින් වංචා කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක් පොලිස් භාරයට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

    ලග්ගල දෙවලදෙනිය ප්‍රදේශයේ කාන්තාවක් සමග ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිලියක වන මංජුලා කුමාරි යන අය පතල් කැනීම් සඳහා ගිවිසුම් අත්සන් කොට ටෙලිනාට්‍ය නිළියගේ නියෝජිතයා ලෙස පතල බලාගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ සිටි බවත් මාස ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ සියලු දෙනාට ඔහු වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් හැසිරී ඇතැයි පොලිසිය පවසනවා.

    මෙම ප්‍රසිද්ධ නිළිය සමග පතල් ගිවිසුම අත්සන් කොට පතල ක්‍රියාත්මක කළ කාන්තාව ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ මෙම පුද්ගලයා පතලේ ලැබුණු නිල් මැණික් ගලක් වංචා සහගතව රැගෙන යාමට උත්සාහ කරන බවත් ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස බව පවසමින් තමන්ට තර්ජනය කරන බවයි.

    ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා පොලිස් කණ්ඩායමක් සමග දේවාලදෙනිය ප්‍රදේශයට ගොස් අදාළ සැකකරු මැණික් ගල සහ සුඛෝපභෝගි මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
    සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ටෙලි නාට්‍ය නිළියගේ සැමියා සමග ඇති හිතවත්කම් මත මෙම පතල බලාගැනීම සඳහා ඔහුට පවරා ඇති බවයි.

    කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට පෙර පතලක ආරවුලක් මත පොලිසියට ගෙන්වා තිබුණු බවද එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පවා තමා වවුනියාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් පොලිසිය නොමග යැවූ බව පොලිසිය පවසනවා.

    එමෙන්ම පුද්ගලයා ලග්ගල ප්‍රදේශයේ රථවාහන රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බව පවසා රථ වාහන වැරදිකරුවන් පවා නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරමින් සිටි බවද පොලිසිය පවසනවා.

    අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන අවස්ථාවේදී හෙලි වී ඇත්තේ මෙම සැකකරු මීට පෙර පොලිස් නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිට විවිධ අපරාධවලට සම්බන්ධව වාරියපොල පොලිසියේ සහ කුරුණෑගල පොලිසියේ ඔහුට විරුද්ධව පැමිණිලි සහ අධිකරණවල නඩු ක්‍රියාත්මක වන බවයි.

    ලග්ගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සහ ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිලි මංජුලා යන දෙදෙනාගේ පතල තුළ මෙම පුද්ගලයා රැඳී සිට තිබෙනවා. එසේම ටෙලි නාට්‍ය නිළියගේ තවත් කණ්ඩායමක් එහි මේ වන විටත් රැඳී සිටින බව පොලිසිය පවසනවා.

    ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටෙලි නාට්‍ය නිළිය සහ ඇයගේ සැමියා හෙට(24) උදෑසන 9ට ලග්ගල පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා යවා තිබෙන බවද ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා පවසනවා.

    අත්අඩංගුවට ගත් සැකකරු , මෝටර් රථය සහ නිල් මැණික් ගල ලග්ගල පොලිසිය විසින් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට අද(23) ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන අතර මේ සම්බන්ධයෙන් ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී මංජුලා කුමාරි මහත්මියගෙන් විමසීමට අවස්ථා ගණනාවක් අප උත්සාහ කළද ඇයගේ ජංගම දුරකතනය විසන්ධි කර තිබුණා.

     

    manjula kumari manjula kumari olu olu ඕලු මංජුලා කුමාරි මංජුලා කුමාරි පෙරේරා
    පෙර පුව​තවෙල්ගම හිටං – අලවතුවල ? (රූපයේ කතාව)
    ඊළඟ පුව​ත සාමාන්‍ය පෙළ ප්‍රතිපල 30 වනදාට පෙර

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group