අමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මිය ගිය පිරිස අතර ළමා කඳවුරක සිටි ගැහැණු ළමුන් විසි හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ද වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. මේ අතර අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉදිරියටත් අයහපත් වනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය ද අනතුරු අඟවා තිබෙනවා. නව මෙක්සිකෝ ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීම හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බවද සඳහන්. ජීවිත හානි වැඩිවීමත් සමඟ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා දී තිබේද? යන්න පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
උණුසුම් පුවත්
- T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
- මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
- හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
- දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
- ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
- බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
- ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය












